ලියාපදිංචි නැති ජංගම දුරකථන ඉදිරියේදී තහනමට

Technology Latest Headlines Mobile Phones Sinhala news gagana news
By Shehan Jun 09, 2025 02:34 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමට එම ආයතනය සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරයි.

මෙම පියවර ගැනීමට හේතුව වන්නේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන, ප්‍රමිතීන්ට අනුකූල නොවන සන්නිවේදන උපකරණවලින් ජනතාවට වන අපහසුතා සහ තොරතුරු තාක්ෂණික අවහිරතාය.

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

කර්මාන්තයට නව ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, ලියාපදිංචි නොකළ උපකරණ හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් දැනට භාවිතයේ පවතින ජංගම දුරකථනවලට මෙය බලපෑමක් නොවන අතර, විදේශිකයින්ගේ ජංගම උපකරණ භාවිතයද මේ ක්‍රමවේදයෙන් බාධා නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසීය.

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

"අප ආයතනයේ ප්‍රධාන වගකීම වන්නේ නීතියානුකූල නොවන උපකරණ රට තුළ විකිණීම වලක්වා ජනතාවට ආරක්ෂිත, විශ්වාසදායක සන්නිවේදන පරිසරයක් සපයීමයි," යැයිද ඔහු අවධාරණය කළේය.

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

ReeCha