උන්මාද චිත්‍රා සිර කල එක්ටැම් ගෙය මීට කලින් දැකලා තියෙනවා? - චක්‍රාවාලය වූ එක්ටැම් ගෙය. - (PHOTOS)
උන්මාද චිත්‍රා සිර කල එක්ටැම් ගෙය සොයා ගොස් චක්‍රාවාලය දැක පැමිණියෙමි! එක්ටැම් ගෙයක සිරකර තැබූ දුටු දුටුවන් සිත් රාගයෙන් උමතු කළ,උන්මාද චිත්‍රා හෙවත් මන්ත්‍රීසිත් කුමාරිගේ කතාව අසා ලංකාවේ බොහෝදෙනෙක් අසා තිබෙනවා.
පඬුවස්දෙව් රජු සහ භද්දකච්චායනා බිසවට දරුවන් එකොලොස් දෙනෙකු බිහිවනවා.බාල දියණිය චිත්‍රා කුමරිය.ඇය ඉතාම රෑමත් කුමරියක්.චතුර්වේදයේ කෙළ පැමිණි බ්‍රාහ්මණයින් ඇය පිළිබඳව අනාවැකියක් කියනවා.ඒ ඇයට මතු දිනක උපදින පිරිමිදරුවා සිය මාමාවරුන් මරා රජකම ලබා ගන්නා බව.
මේ ඇසූ සහෝදරයින් සිය නැගණිය මරන්නට තීරණය කලත් වැඩිමහලු සහෝදරයා,අභය බමුණු මත විශ්වාස නොකර සිය නැගණියගේ පණ ආරක්ෂා කරනවා.ඇය වැඩිවිය පත් වූ වහාම සහෝදරයින් එක්ව ඇයට විවාහය තහනම් කර රජ මාළිඟාව ආසන්නයේ ඒකස්තම්භයක් ඉඳිකර මාළිඟාව තුළින් පමණක් එයට ඇතුළු වීමට දොරටුව තබා ඇයව එක්ටැම් ගෙයක සිරකාරියක් බවට පත් කරනවා.
ඉතින් කෝ ඒ එක්ටැම් ගෙය?
පඬුවස්නුවර රජමහා විහාර භූමියේ එක් පසෙකින් කවාකාරව බැමි බැඳ ඇති විශාල වලක් දැකගත හැකි වෙනවා.
දැක්ක ගමන් මෙය ක්‍රීඩා ප්‍රදර්ශන මණ්ඩපයක් ලෙස පෙනෙනවා.අඩි 40ක් පමණ ඈතින් වෘත්තාකාරව පිළිස්සූ මැටි ගඩොල් බැම්මක් බැඳි වලක මැදට වන්නට කවාකාරව මැටි ගඩොලින් කල පාදමක නටඹුන් සහ ඒ මත බැඳි බිත්ති වල නටඹුන් දැකිය හැකි වෙනවා.
එය නම් කර ඇත්තේ " චක්‍රාවාලය " ලෙසින් වුවත් මෙය එක්ටැම් ගෙයි පදනම බව අදටත් ජන විශ්වාසයේ පවතිනවා.
අපේ ඉපැරණි ජනප්‍රවාදයට අනුව නම් අදටත් පිරිස් මේ ස්ථානයට පැමිණෙන්නේ ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිටි පණ්ඩුවාසදේව රජුගේ බාල දියණිය වූ චිත්‍රා කුමරිය සිරකර තැබූ එක්ටැම් ගෙයි නටඹුන් දැක බලා ගැනීමට.
නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1940 පමණ සිදු කර ඇති පුරාවිද්‍යා කැණීම්වලට අනුව ඉහතින් කී ජනප්‍රවාදයට පදනමක් නැති බවත් මේ නටඹුන් අයත් වන්නේ 12 වන සියවසට සහ පොළොන්නරු යුගයට බව තහවුරු කරගෙන තිබෙනවා. මහාචාර්‍යවරයා මේ භූමිය ‘වලයාකාර කොටුව ’ නොහොත් ‘චක්‍රවාල කොට්ටය’ වශයෙන් හඳුන්වාදී තිබෙනවා.
12 වන සියවසේදී තිබූ ඉන්දීය සංස්කෘතික බලපෑම් වලට නතු වූ රටවල් තමන් විශ්ව පාලකයන් බව කියාපෑමට මහාමේරු පර්වත ආකෘතිය තනා ඒවාට අයිතිය කියා ඇති බව පැවසෙනවා.
ඒ අනුව රට එක්සේසත් කල පළමුවෙනි පරාක්‍රමබාහු රජු විසින් තමන් රටවල් හතකට අධිපති වූ බවට ප්‍රතිඥා දී අභිෂේක ලැබීමට මෙම විශ්වීය ආකෘතිය සකස් කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.
මේ අතර පොළොන්නරු යුගයේ දී දක්ඛිණ දේශයේ පාලකයා ලෙස කටයුතු කළ පරාක්‍රමබාහු රජු සිය ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී පඬාවැව විශාල කොට බැඳවූ බවත්, වැවට මැදි වූ දූපතේ තුන්මහල් රජ මැදුරක් කරවූ බවත් මහාවංශයේ දැක්වෙනවා.
ඔහු පොළොන්නරුවේ අගරජු වීමට පෙර මායා රට පරාක්‍රමපුරය නම් රාජධානිය පිහිටුවා ගෙන සිටි ස්ථානය ගැන මහාවංශය නිශ්චිතව සදහන් නොකළත් පුරාවිද්‍යා දත්ත මත එය පඬුවස්නුවර විය යුතු බවටයි පුරාවිද්‍යාඥයන්ගේ පවසන්නේ.
එමෙන්ම චක්‍රවර්තී රජෙකු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට තෝරා ගන්නේ සාමාන්‍ය ස්ථාන නොව විශ්ව ශක්තීන් ක්‍රියාත්මක කළ හැකි සුවිශේෂී ස්ථානයක් විය යුතු නිසා මෙම ස්ථානය විශ්ව ශක්තිය රැස්වන තැනක් බවට තවත් මතයක්ද පවතිනවා.
කෙසේ වෙතත් ජනප්‍රවාද, පුරාවිද්‍යා නිගමන සහ සාමාජීය මත එකිනෙකට පරස්පර වුවත් ලංකාවේ දැනට හමුවී ඇති එකම කවාකාර ගොඩනැගිල්ල මෙය බව පැවසෙන්නේ.
- තොරතුරු අන්තර්ජාලයෙන් -
You May Like This Video