හඳුනා නොගත් මළ සිරුරක් මුහුදු වෙරළට ගොඩගසයි

beach dead body nagoda hospital payagala dhiyalagoda
By Sewvandhi Jul 21, 2021 11:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පයාගල මුහුදු වෙරළට ඊයේ (ජූලි 20) පෙරවරුවේ පුද්ගල මළ සිරුරක් ගොඩගසා තිබූ බව පයාගල පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම ගොස් පරීක්ෂා කිරීමේදී පයාගල දියලගොඩ ප්‍රදේශයේ ගල්වැටියක් අතර සිර වී තිබූ පිරිමි මළ සිරුර සොයාගෙන ඇතැයි පොලිස් නිළධාරියෙක් පැවසීය.

මුහුදේ තිබූ මළ සිරුර තරමක් නරක් වී තිබූ අතර, දින කිහිපයකට ප්‍රථම මිය යන්නට ඇති බවට පෙනීයන බව පොලිසිය සඳහන් කළේය.

මිය ගොස් ඇති පුද්ගලයා කවුරුන්ද? යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළ සිරුර නාගොඩ මහ රෝහලට රැගෙන යන ලදී. පයාගල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now