ට්‍රම්ප්ගෙන් හෝමූස් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - සියලු පාලනය ඇමරිකාවට
හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට අමෙරිකානු හමුදාවන්ගේ "සම්පූර්ණ පාලනය" යටතේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. මේ අතර, අමෙරිකානු හමුදා විසින් නිකුත් කළ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් දෙසට යාත්‍රා කිරීමට උත්සාහ කළ පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර, එමඟින් අදාළ නෞකාවේ සුක්කානම් යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා අමෙරිකාව පනවා ඇති සම්බාධක හා යුදමය ක්‍රියාමාර්ග වහාම අවසන් කළ යුතු බවට ඉරානය අවධාරණය කරයි.
එමෙන්ම, අමෙරිකාව විසින් අත්හිටුවා ඇති ඉරාන රාජ්‍ය වත්කම් නිදහස් කිරීම සහ කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ද ඉරානයේ ප්‍රධාන කොන්දේසි අතර වේ.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහොසෙන් රෙසායි ප්‍රකාශ කළේ අදාළ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු වන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට කටයුතු කරන බවයි.