සියලුම සරසවි සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
සියලුම සරසවි සිසුන්ට 7- 8 දිනවලදී එන්නත විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි.
කිසිදු හේතුවක් මත තමන්ට අදාළ විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද මෙම දින දෙකේ දී එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කර ඇතැයි ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.
එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල විවෘත කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටියි.
අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගේ කමිටුව සමග ද සභාපතිවරයා මේ වන විට සාකච්ඡා කර තිබේ.
මේ අතර මේ රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?
කොවිඩ් ආසාදනය වී සුවවු කාන්තාවන්ට මාස තුනත් මාස හයත් අතර කාලයකදී වැඩි බලපෑමක් ඇතිකරන දිගුකාලීන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
මෙම රෝග ලක්ෂණ පිරිමි පුද්ගලයන්ට ද ඇතිවිය හැකිය.
එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය නමැති රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතියි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකය සිදුකළ අධ්‍යයනයකින් එවැනි රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇත.
අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සියයට 8ක් (8%) ,
උදර රෝග ලක්ෂණ සියයට 8ක් (8%),
මානසික අවපීඩනය සියයට පහළොවක් (15%) ,
පපුවේ සහ උගුරේ වේදනාව සියයට හයක් (6%) ,
සංජානන ගැටලු සියයට 4ක් (4%) ,
තෙහෙට්ටුව, හිසරදය සියයට 5ක් (5%),
මාංශපේශී වේදනාව සියයට 5ක් (5%)
වෙනත් වේදනාවන් සියයට හතක් (7%)
වශයෙන් රෝග ලක්ෂණ මතුවන බවට හඳුනාගෙන තිබේ.
මෙම දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
