විශ්ව විද්‍යාල විවෘත කිරීමට තීරණයක්.

curfew covid19 education university
By Sewvandhi Sep 18, 2021 07:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාදී විශ්වවිද්‍යාල විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා එම අදහස් පළ කර ඇත. සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබේ.

සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වයස අවුරුදු 30 ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකම දී අවසන් බව ද ඔහු සඳහන් කර ඇත.

වයස අවුරුදු 30ට අඩු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණයෙන් කඩිනම් පියවර ගන්නා මෙන් සියලු විශ්වවිද්‍යාල වෙත දැනුම් දී ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් තර තිබේ.

එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් දෙකම දී අවසන් කර තිබේ.

ඉදිරි වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවත් මේ සඳහා කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය බැවින් විශේෂ අවසරයක් මත මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදුකළ බව මහාචාර්යවරයා සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින්.....

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යංශයේ  (15) පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මූලිකව පෙර පාසල් හා 6 වැනි ශ්‍රේණිය දක්වා ළමුන් 200 ට අඩු පාසල් ඉතා කඩිනමින් ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇත. පාසල් ආරම්භ කිරීමේ දිනය අධ්‍යාපන අමාත්‍යංශය මගින් තීරණය කරන අතර ඉදිරි සති දෙක තුන තුළ දී පාසල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

මේ හා සම්බන්ධ සෞඛ්‍යමය නීතිරීති හා මාර්ගෝපදේශ සම්පදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ සිදු කිරීමට නියමිතයි. මේ වනවිට ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත් ඊට අමතරව පාසල් ප්‍රවාහන සේවයන්හි නිරතවන සියලු දෙනා කඩිනමින් එන්නත්කරණය කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රකාශ කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

GalleryGallery
ReeCha