කැලණිය සරසවි සිසු විරෝධතාවට පහර දුන් පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි රිමාන්ඩ්..

By Sithumi Apr 14, 2022 12:45 PM GMT
Sithumi

Sithumi

Report

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා මහතා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ඔහු අද මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ. 

 කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිසුන් පිරිසක් ඊයේ කිරිබත්ගොඩ නගරයේදී අට්ටාලයක් ඉදිකර විරෝධතාවක් ආරම්භ කර තිබිණ. 

 පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුමින්ද පෙරේරා මහතා එම අට්ටාලය කඩා දැමී ය. එහිදී සිසුන් කිහිපදෙනෙකුට ද මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පසුව කිරිබත්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now