'රටම එකට' ජාතික මෙහෙයුමෙන් 728දෙනෙක් කොටු

Report

'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (26) සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පුද්ගලයන් 728දෙනෙක් අත්අඩංගුවට ගෙන   තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (27) නිකුත් කළ දෛනික වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

තවද මෙම මෙහෙයුම් මගින් සැකකරුවන් 09දෙනෙකක්ට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 498ක් ද සිදුකර තිබෙන බව වාර්තා වේ

එමෙන්ම අදාළ වැටලීම්වලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 767ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවට වාර්තා වේ. එක් සැකකරුවෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.

තවත් දැවැන්ත විරෝධයක් - හේතුව මෙන්න

තවත් දැවැන්ත විරෝධයක් - හේතුව මෙන්න