රැකියා විරහිත තරුණයින්ට සුබදායක ආරංචියක්.

Police Sri Lanka Sarath weerasekara North province
By Aruna Nov 14, 2021 05:52 AM GMT
Aruna

Aruna

Report

උතුර පළාතේ රැකියා විරහිත තරුණයින් නිවැරදි මගට යොමුකිරීමේ අරමුණින් එම පළාත තුළ ප්‍රජා පොලිස් ඒකක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන මෙම ප්‍රජා පොලිස් සේවාව හරහා විවිධ ක්‍රියාකාරකම්වලට රැකියා විරහිත තරුණයින් සම්බන්ධ කරගැනීමට නියමිතයි.

ඊට සුදුසු තරුණයින් තෝරාගැනීම යාපනය, කන්කසන්තුරෙයි, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම දිස්ත්‍රික් කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් මගින් සිදු කෙරෙනවා.

ඊට සහභාගිවන තරුණ පිරිසට විශේෂ සහතික පත්‍රයක්ද පිරිනැමීමට කටයුතු ඇති බවයි උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර 88 - 89 සමයේ මියගිය හා ආබාධිත වූ පොලිස් නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පොලිස් ආබාධිත රණවිරු සංගමය හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර ඊයේ පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ අදාළ කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් 290ක් මියගොස් නිලධාරීන් 25ක් ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි.

වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන් හට ජීවිතාන්තය දක්වා දීමනා ගෙවීමට රජය මේ වසරේ ගත් තීන්දුව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එහිදී පොලිස් ආබාධිත රණවිරු සංගමය පෙන්වාදී තිබෙනවා.

තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රමාද වූ මෙම ගැටලුව විසඳීමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොරොන්දු වූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now