උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ගැන පාර්ලිමේන්තුවේදී අලුත් යෝජනාවක්.
By Wayomi
උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අනුව ඊට අදාලව යෝජනා කිහිපයක් ද ඔහු එහිදී සඳහන් කළා.
"හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රට තුළ අනීතික නැහැ. නමුත් එය කිසිම විදිහකට නියාමනය වෙන්නනේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා 2024 ජුනි සිට 2025 මැයි කියන මාස 12 ඇතුළේ මේ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි වෙන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් තමයි යෝජනාව තියෙන්නේ. කාරක සභාව මේ පිළිබඳව මහ බැංකුවෙන් ඉල්ලා සිටියා ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක්. එය සම්මතකරලා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට."
You May Like This Video