ප්‍රභල පාතාල සාමාජිකයාගෙ දීයණිය..හෝටලේ සැමරූ කොටහළු උත්සවේ..ඔක්කොම බන්ධනාගාරෙදිම නරඹල...

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Sithumi Oct 31, 2023 10:01 AM GMT
Sithumi

Sithumi

Report

ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම පාතාල නායකයකුගේ දියණියක වැඩිවියට පැමිණීමේ උත්සවයක් විශාල වියදමක් දරා කොළඹ සුපිරි හෝටලයකදී උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසන බව ප්‍රධාන පෙළෙ පුවත්පතක් ඊයේ වාර්තාකර තිබුණා.  

මෙම උත්සවය ඉකුත් 23 වැනිදා රාත්‍රියේ පවත්වා ඇති අතර මෙම උත්සවය සඳහා අලංකාර ආරාධනා පත්‍ර මුද්‍රණය කර ඇති අතර, උත්සවය වෙනුවෙන් ආරාධිතයන් 200කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බව සදහන්.

  එම උත්සවය අවසානයේ එදිනම රාත්‍රියේ කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි හෝටලයක් සහිත ප්‍රධාන පෙළේ සුපිරි නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තවත් පිරිසකට නැවතත් සාදයක් පවත්වා තිබෙනවා.

  මෙම උත්සවයේ සියලු අවස්ථා එම සංවිධානාත්මක අපරාධකරු බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයකින් නරඹා ඇති බවද එම පුවත්පත වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

SOURSE - ලංකාදීප

ReeCha