" ඔයා එයාට ආදරේ නැද්ද?..මම ආදරේ ඔයාට හැබැයි මම පවුල රැකගන්න බලනව" යළිත් කරළියට ආ සුරූපී නිළි උමාලි තිලකරත්න..(PHOTOS)
පුංචි තිරයේ සුන්දර රුවැත්තිය, උමාලි තිලකරත්නව අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න වුවමනා නැහැ. ඇයට ම ආවේණික සුන්දරත්වය නිසාම ඉදහිට පුංචි තිරයේ සැරිසැරුවත් ප්‍රේක්ෂක ඔබ, ඇයව ආදරයෙන් වැළඳගන්නවා.
සිනමා තිරයේ වුණත්... පුංචි තිරයෙ වුණත්... ආකර්ශනීය රංගන ශිල්පිනියක් වුණු උමාලිගේ අලුත්ම චිත්‍රපට කතාවක් පසුගිය දිනවල කතාබහට ලක්වුණා. ඒ 'මිස් යූ' කියන කෙටි චිත්‍රපටය.
විනාඩි දොළහකින් ලොකු කතාවක් කියන මේ චිත්‍රපටයට දැනටමත් බොහෝමයක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ විදිහට උමාලිගේ සයිබර් බිත්තියේ ඇළවුණු එකම එක ප්‍රතිචාරයක් තමයි මේ...
"ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ, තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න." මේක මාරම වැඩක් ... මාරම වැඩක්. සමහර වචන තිබ්බා මගෙ ජීවිතෙන් හොරකම් කලාද කියල හිතෙන. මේක මාර හුරුපුරුදු ගතියක් දැණුන තැනක්. මම සාමාන්‍යයෙන් ශෝට් ෆිල්ම් බලනව අඩුයි. ස්පෙශලි සිංහල ඒව.
හැබැයි Irudini Umali අක්කි උදේම මේකේ ලින්ක් එක එවල තිබ්බම මේක මම හිමීට විනාඩි දොළහයිනේ කියල බැලුවේ වෙන මොකවත් හින්ද නෙවේ, ඊළග පාර හම්බුනාම මේක ගැන කතා කලාම " මල්ලී ඔයා මොකද හිතන්නේ" ඇහුවම දෙන්න උත්තරයක් නැති නිසා. හැබැයි මේක මට ශොක් එකක් උනා.
" ඔයා එයාට ආදරේ නැද්ද? " " මම ආදරේ ඔයාට හැබැයි මම පවුල රැකගන්න බලනව" මේ වචන පොඩ්ඩක් එහා මෙහා උනාට මම මේ අදහස මෙහෙම අහල තියනවා. හැබැයි මේ වචන හෙන ෆේක් මේ මූවි එකේ. වාසනාවද අවාසනාවද මන්දා මම අහපු වචන ෆේක් උනේ නෑ. හැබයි සමහර තැන්වලදී අපිට තිරණ ගන්න වෙනවා.
එයාටත් උනා. මූවි එකේ චරිතෙටත් වෙන්න ඇති. දරුවගේ නම.... ඒක හරි පරිස්සමෙන් බලන්න වෙන තැනක්. කතාවේ මුලින් නමක් අහන්න ලැබෙනවා. අපිට ඒක ඇහෙනවා. අන්තිමටත් නමක් තියනවා. හැබැයි අපිට දකින්න වෙනවා අන්තිම වෙනකන් හොදටම ඇස් කන් ඇරගෙන.
මටත් එහෙම නමක් තියනවා " නාද්‍යා ". "දුම්පානය පිළිකා ඇතිකරයි" ඇත්ත ඒක. මම නම් බොනවා ඒ උනාට ඔයාල බොන්න එපා. ඩන්හිල් දුමත් එක්ක මේකේ ලොකු කතාවක් තියනවා. ෆෝන් එකේ රිගින් ටෝන් එක්කත් ලොකු කතාවක් තියනව. ඉතින් හරි පරිස්සමට බලන්න ඕනි විනාඩි දොළහක් මේක.
විනාඩි දොළහ බලල මම පැය දොළහක් කල්පනා කළා. අන්තතිමට එන කෝල් එකේ ඩිලිවරි එක හම්බුණා කියන දේ ඇරෙන්න අනික් ඔක්කොම ඇත්තද බොරුද කියලවත් මේ ලියන වෙලාව වෙනකන් මට තේරෙන්නෙ නැති තැනක මම ඉන්නේ. ඉතින් පොඩි විනාඩි දොළහක් අරන් මේක බලන්න. උඩතට්ටුවට යන වෙලේ තිබුණ පිංතූරේ බලන් හිටපු අයවගේ අපි දිහාත් ගොඩක් අය බලන් හිටපු නිසා අපිටත් මෙහෙම වෙන්න ඇති.
සමහරවිට එයාලටත් එහෙම වෙන්න ඇති. කොහොම උනත් එක දෙයක් ඇත්තම ඇත්ත. "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ, තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න." බලන්න කෝමහරි පාඩු නැති විනාඩි 12 ක් ! මට නම් මේක වැලන්ටයින් තෑග්ගක්
කවිය නුඹ - The poem by Kovindu Prabhashwara 2022/2/14 A film by Nalin Lusena
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |