වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රබල රටක් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

sri lanka Corona virus Covid 19
By Sithumi Sep 17, 2021 05:27 PM GMT
Sithumi

Sithumi

Report

එක්සත් රාජධානියේ සංචාරක රතු ලැයිස්තුවෙන් සැප්තැම්බර් 22 වෙනිදා අළුයම 4 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ 

මේ බව ලන්ඩන්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන්  කර තිබේ .

මෙරට covid සම්බන්ධයෙන් ඇති නව තත්වය මීට හේතු වී ඇති බව සඳහන්.

කෙසේ වුවද අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 792ක් හඳුනා ගැනීමත් සමග අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 2070 දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන අද ලක්ෂ පහේ සීමාව පසු කළා. ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 500 764 දක්වා ඉහළ ගොස් තිබේ . 

තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 121ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now