"ඒ කලේ දැඟලිල්ලනේ නරක කාලේ වෙන්න ඕනි දේවල් ඔක්කොම වුනා ඉතින්"..නීතිඥයෙක් සමඟ විවහා වූ සුරූපී නිළිය කියන කතාව...(PHOTOS)

Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 13, 2022 04:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උදයන්ති කුලතුංග කියන්නේ පුංචි තිරයේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වුණා. ඒ වගේම කාලයක් ඇය මාධ්‍යවලට පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා. ඒ වගේම උදයන්ති ඇත්ත කතාකරන සහ කියන්න තියෙන ඕනෑම දෙයක් කෙළින්ම මූණටම කියන කෙනෙක්.ඉතින් පසු ගිය දිනක ඇයගේ අලුත්ම තොරතුරු අපිට ඇය මේ විදිහට පැවසුවා. මේ දිනවල මගේ චිත්‍රපටයක් තිර ගත වෙනවා.

භවතරණ’ මේ චිත්‍රපටය කරලා ගොඩක් කල්. කලර් ෆිල්ම් එකෙන් පස්සේ තමයි මගේ චිත්‍රපටයක් ආවේ. ඉතින් දැන් භවතරණ මේ කාලෙට හොඳින්ම ගැළපෙන චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඒ නිසා කාලයක් ගත වුණත් හොඳම කාලේ අවුට් වෙන්නේ කියලයි මට හිතෙන්නේ.ඇත්තටම චිත්‍රපටය බලද්දී නම් හිතුණා මීට වඩා මට තවත් රඟපාන්න තිබ්බද කියලා. නමුත් ඒ වයසත් එක්ක ඒ චරිතය ගැළපෙනවා. මගේ චරිතය ගැනත් මම කියන්නම්. සමනලී සහ සුභද්‍රා කියන චරිත දෙකම තමා මම නිරූපණය කරන්නේ. සමනලී කියන්නේ පොඩි මන්ද මානසික තත්ත්වයක් තියෙන තරුණ කෙල්ලෙක්. ඉතින් මම ආසාවෙන් බැලුවා ඒ කාලේ කොහොමද ඇක්ට් කරේ කියලා.

මම මෙගා නාට්‍යවල රඟපාන්න ආස නැහැ. අපි ආපු කාලේ තිබ්බේ කොටස් 45යි 50යි. මුළු නිර්මාණයේම කතාව ඒ පිටපත තුළ මුල මැද අග කියන කොටස් පැහැදිලිව තිබ්බා. ඒ නිසා අපි අපිට ලැබෙන චරිතය ගැන දැනගෙන රඟපෑවේ. ඊට පස්සේ මෙගා නාට්‍යයත් එක්ක චරිත කරන්න අමාරුයි කියලා මට හිතුණා. ඒ නිසාම මම චරිත බාරගත්තෙත් නැහැ.දැන් ආයෙමත් ටිකක් ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. අධ්‍යක්ෂවරුන්ට දොස් කියන්නත් බැහැ. ඔවුන්ට ලැබෙන නිෂ්පාදකවරුන්ගේ දායකත්වය මත තමයි ඔවුන් නිර්මාණ කරන්නේ. වර්තමානයේ ඉන්න නළු නිළියන්ට අපිට වගේ හොඳ නිදහසක් කාලය පවා අඩුයි. ඉස්සර දවසට කරේ සීන්ස් තුනක් හෝ උපරිම හතරක්. අද වෙද්දී සීන්ස් 19ක් 20ක් විතර කරනවා ගෙදර එනකොට ඔළුව කැක්කුමයි.

විවාහයෙන් පස්සේ කලාවට සමුදුන්නා කියලත් කතා පැතිරෙනවා.එහෙම එකක් නම් කොහෙත්ම නැහැ. නිළියක් විවාහ කරගෙන එයාගේ දක්ෂතා හැකියාවන්වලට තහංචි දානවා නම් ඒක වැරදියි. මම නම් කියන්නේ මිනිස්සු මොනවා කිව්වත් එවැනි තීරණ ගන්න එපා. හැකියාවක් දක්ෂතාවක් එක්ක තමයි මේ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත්ත නිළියක් බිහිවෙන්නේ. එකපාරටම විවාහය එක්ක තහංචි දැම්මොත් පිස්සු හැදෙයි. ඒ නිසා නිළියක් කසාද බැන්ද හැම හස්බන්ඩ් කෙනෙක්ටම මම කියන්නේ එයාගේ හැකියාවන්වලට අවස්ථාවක් දෙන්න.උදයන්ති කිව්වම සමහර අයගේ හිත් තුළ වැරදි වැටහීම් තියෙනවා. මට ඕනේ මගේ නිර්මාණ තුළින් උදයන්ති කවුද කියන එක ප්‍රේක්ෂකයාට සමීප කරන්න.

ඒ නිසා අත්දැකීම් ලබන්නත් ඕනේ. සමහර වෙලාවට හිතෙනවා මීට වඩා දැඟලිලි අඩු කෙල්ලෙක් වෙලා හිටියා නම් හොඳයි කියලත්. නමුත් ඒ මගේ උපතේ හැටි. දැන් හුඟක් අය මට ආදරෙයි. උදයන්ති චාම් වෙලා වගේ දේවල් කියනවා. වයසත් එක්ක අත්දැකීම් එක්ක ඉදිරියට යද්දී තමයි අපිට හැමදේම තේරුම් යන්නේ. නරක කාලයටත් දේවල් වෙනවනේ ඉතින්. ඒ ඔක්කොම ජීවිතේට ලැබෙන අත්දැකීම් තමයි. නිකම්ම මැරිලා යනවටත් වඩා මම කැමතියි අත්දැකීම් ගොඩක් එක්ක මේ ජීවිතේ ගතවෙනවට. ඒ නිසා ජීවිතේ ගැන දුකක් නැහැ. මේ වයසට මම අත්දැකීම් ගොඩක් ලබලා තියෙනවා.(උපුටා ගැනීම)


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery