ගම්මන්පිල වටලන රහස් පොලිසිය තත්ත්වේ දරුණුයි
ජනාධිපති අනුර දිසානායක මහතාගේ නවතම ජර්මානු සංචාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ, ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබී ඇති බහුල පැමිණිලි අනුවය.
ඔහු මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා ජර්මනියේදී එරටට පැමිණ සිටින LTTE නායකයන් හමුවූ බව ප්‍රකාශ කර ඇති අතර, මෙම දේශපාලනික ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමක් සඳහා පැමිණිලිකරුවන් ඉල්ලීම් දක්වා තිබේ.
ඒ අනුව, ඉතා ඉක්මනින් උදය ගම්මන්පිල මහතා CID විසින් ප්‍රශ්න කිරීමකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.