විශ්‍රාම ගිය මහින්දට ජනපති තුති පුදයි..ආර්ථිකය බේරලා දුන්නට පින් [PHOTO]

Report

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් අද (18) දින ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවයි.

එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට ඒ මහතා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ අතර ඒ සඳහා තම කෘතඥතාවද ජනාධිපතිවරයා මෙහිදී පිරිනමා ඇත.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

මෙම අවස්ථාවේදී විශ්‍රාම ලැබූ මහින්ද සිරිවර්ධන මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි.

එසේම රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබා දිගටම එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ස්තූතිය ද ඔහු පළ කර සිටියා.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ තිබූ විශ්වාසය, දරා ගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

මෙහිදී ජනාධිපතිවරයා අතින් ඔහුගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් ද පිළිගන්වා ඇත.   

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා

සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා

විශ්‍රාම ගිය මහින්දට ජනපති තුති පුදයි..ආර්ථිකය බේරලා දුන්නට පින්  | President Thank Mahinda Retired For Saving Economy