ආණ්ඩුවේ උද්ධච්ච මානසිකත්වයකින් 72 ලක්ෂයක ජනතාව අඳුරේ තබන්න එපා
ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (15) ප්‍රකාශ කළේ, විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් මේ මස 4 වැනිදා සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, එළෙඹෙන 21 වැනිදා සිට වැඩවර්ජනයකට එළඹෙන බවයි.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, හෙට (16) සිට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු සියලුම නිලධාරීන් බාහිර රාජකාරිවලින් ඉවත් වන බවත්, 17 සහ 18 යන දිනවලදී සමස්ත සේවකයන් 21,800කට ආසන්න පිරිසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බවත්ය.
මෙම දිනවල කොළඹ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සැහැල්ලුවට නොගන්නා ලෙස ආණ්ඩුවට අනතුරු ඇඟවූ බවත් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
ආණ්ඩුව උද්ධච්ච මානසිකත්වයකින් යුතුව කටයුතු කර මෙරට විදුලි පාරිභෝගිකයන් 72 ලක්ෂයකට අපහසුතා ඇති නොකර, මෙම ගැටලුව විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.