හපුතලේ වෙලන්හින්න රක්ෂිතයේ විශාල ගින්නක්
අද (15) පස්වරුවේ හපුතලේ, වෙලන්හින්න රක්ෂිතයේ අද (15) පස්වරුවේ හටගත් හදිසි ගින්නක් මේ වනවිටත් පැතිර යමින් පවතිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ගින්නෙන් ෆයිනස් රක්ෂිතයේ අක්කර ගණනාවක් විනාශ වී ඇති බවයි.
යම් පුද්ගලයෙකු විසින් මෙම ෆයිනස් රක්ෂිතයට ගිනිතබන්නට ඇති බවට සැකකරන අතර ගින්න නිවාදැමීමට හපුතලේ වනසංරක්ෂණ නිළධාරින් ප්‍රදේශවාසීන් එක්වී කටයුතු කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ දියතලාව යුද හමුදා කදවුරේ භට පිරිසක් ද එම ස්ථානයට පිටත් කළ බවයි.