ආණ්ඩුවේ ඊළඟ නාට්‍යය බලන්නත් අපි සූදානම්,දැන් රත්තරන් ටොයිලට් හයි කරලද දන්නෑ - නාමල් රාජපක්ෂ
ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත යටතේ මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස රජයට භාර දී මැද මුලනට පිටත් විය. මේ සම්බන්ධයෙන් නාමාල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේදී ඔහු ආණ්ඩුව පිළිබඳව කරුණු කීපයක් අනාවරණය කළේය.
ඔහු ප්‍රකාශ කරන ආකාරයට කලින් මහින්ද රාජපක්ෂ මහතා සිටි ජනපති නිල නිවසේ රත්තරන් වලින් ටොයිලට් හයිකරා කියලත් සමාජයේ කතාවක් තිබුණලු. හැබැයි ඉස්සර නම් එහෙම තිබුණේ නෑ දැන් එහෙම තියෙනවද දන්නෙ නෑ කියලා නාමල් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒවගේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටි නිල නිවස නිරන්තරයෙන් අලුත් වැඩියා කිරීම ඇතුළු කාර්යයන් සඳහා විශාල මුදලක් වැය කර ඇති බවටත් චෝදනා එල්ල වේ.
එයට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේවා රජයේ දේපළ ජනපතිවරුන් මේවා ගෙදර ගෙනියන් නෑ.ඒ නිසා මේ වටිනාකමත් සමග ආණ්ඩුවට දැන් පුළුවන් ඒ ලබන ලාභෙත් එක්ක ජනතාවට සහන දෙන්න යනුවෙන් ඔහු අදහස් ප්‍රකාශ කළේය.
ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන්ගේ පියා තමන්ට රැකබලා ගැනීමට හැකි බවයි. ඒ වගේම පසුගියදා සුනිල් වටගල අමාත්‍යවරය නාමාල් රාජපක්ෂ මහතා පිළිබඳව අභූත චෝදනා එල්ල කරා කියන පැමිණිල්ල මත නාමල් විසින් ඔහුට එන්තර වාසියක් යැවූ අතර මේ වන විට සුනිල් වටගල අමාත්‍යවරයා නාමල් රාජපක්ෂගෙන් අහන ප්‍රශ්නවලට ලෑස්ති වෙනවා යනුවෙන් ඔහු අවසානයේ ප්‍රකාශ කළේය.