සැමියාගේ නිසල දේහය භාරගන්න ගිහින් බිරින්දෑවරුන් කෙහෙවලු පටලවාගනී....
මිය ගිය පුද්ගලයකුගේ දේහය භාරගැනීම සදහා කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත් වීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව මෙම කාන්තාවන් දෙදෙනාටම මියගිය පුද්ගලයාට අවසන් ගෞරව ලබා දීමට අවස්තාව දෙන ලෙස හෝමාගම හදිසි මරණ පරික්ශක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නියෝග කර ඇති බවට සදහන්.
මෙම කාන්තාවන් දෙදෙනා මියගිය පුද්ගලයාගෙ අනියම් බිරිඳ සහ විවාහ බිරිඳ බවයි වාර්තා වි ඇත්තේ.
කෙසෙ වෙත්ත අදාල නියෝගය අනුව දේහය හෝමාගම පෞද්ගලික මල්ශාලාවක තබා පැය දෙකක කාලයක් අනියම් බිරියගේ අවසන් ගෞරව දැක්වීමටත් අනියම් බිරිය දේහය බාරදුන් පසුව විවාහක බිරිඳ භාරයේ දේහය භූමදාන කොට අවසන් ගෞරව දැක්වීමත් සිදු කල යුතු වෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.