සිරුරට ගිනි තබා ගත් අයෙක් බේරගන්න ගිය පොලිස් නිළධාරින් දෙදෙනෙක්ව කඩා පැන බදාගෙන සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Fire
By krishani
වාලච්චෙන - මාන්චෝලේ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
එහිදි ඔහුව මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙත ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදා ගෙන ඇත.
ඒ හේතුවෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනාද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වාලච්චේන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකුයි.
මේ අතර පිළිස්සුම් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා වාලච්චේන සහ මඩකලපුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින බිරිඳට මුදල් එවන ලෙස ඉල්ලා බලකිරීම නිසා දෙදෙනා අතර ආරවුලක් හට ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම 38 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.
