පොලිස් වෙඩි පහරින් දෙදෙනෙකු මරුට
සූරියවැව ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සූරියවැව - වැවේගම ප්‍රදේශයේදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ. අද දහවල් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, පොලිසියද එම අවස්ථාවේ ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.
එහිදී බරපතල තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබුණා. එහිදීයි ඔවුන් මියගොස් ඇත්තේ. මේ අතර පොලිස් නිලධාරීන් පැමිණි ජීප් රථය එම අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි සිටි පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලිසියට වෙඩි තබා ඇති බවයි. අනතුරුව පොලිසිය සිදු කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරුවන් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මියගොස් ඇත්තේ අම්බලන්තොට කොග්ලල්ල ප්‍රදේශයේ පදිංචි කඩවර පුතා නම් 35 හැවිරිදි අයෙක් සහ ඔහුගේ ගෝලයෙක් බව සඳහන්. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩා පළායනු දුටු අසල්වැසියෙකු යතුරුපැදියේ අංකය සමග සිද්ධිය පිළිබඳ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
ඒ අනුවයි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් කොල්ලකරුවන් ලුහුබැඳගොස් ඇත්තේ. කෙසේවෙතත් ඔවුන් සොයා ගැනීමට නොහැකිවී ඇති අතර පසුව සිද්ධිය පිළිබඳ ලුහුණුගම්වෙහෙර සූරියවැව සහ මත්තල ඇතුලු අවට පොලිස් ස්ථාන වෙත දන්වා තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් වැවේගම මාර්ගයේ පැමිණ ඇති අතර එහිදී කොල්ලකරුවන් හඳුනාගත් පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් ඇතැයි සඳහන්. එහිදී යතුරුපැදියේ ගිය සැකකරුවන් පොලිස් ජිප් රථය දෙසට වෙඩි තබා ඇති අතර පොලිස් වෙඩි පහරින් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ගිනි අවියක් සහ රන් මාල දෙකක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
