අපි කිව්වේ වසර තුනක් තුළ විදුලි බිල අඩු කරනවා කියලා - නජිත් ඉන්දික

Report

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට, වසර තුනක් ඇතුළත විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

ඊයේ(06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඇතැම් පුද්ගලයන් විසින් මෙම ප්‍රකාශය විකෘති කර ඉදිරිපත් කර ඇති බවයි.

විදුලි බිල අඩු කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතු බවත්, විපක්ෂය යෝජනා කරන ආකාරයට 'කෙක්කෙන් හෝ කොක්කෙන්' විදුලි බිල අඩු කිරීම කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්

උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්

එවැනි ආකාරයට විදුලි බිල අඩු කළ යුගයක් අතීතයේ පැවතුණු බවත්, එහි බරපතළ බලපෑම විදුලි බල මණ්ඩලය තවමත් දරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනතාව වත්මන් රජයෙන් බලාපොරොත්තු වන්නේ ස්ථාවරත්වයක් සහිතව විදුලි බිල අඩු කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

පොතුවිල් සහ ආරුගම්බේ ඉඩම් ඊශ්‍රායල ජාතිකයන්ට සින්න වන බවට චෝදනා

පොතුවිල් සහ ආරුගම්බේ ඉඩම් ඊශ්‍රායල ජාතිකයන්ට සින්න වන බවට චෝදනා