නැවතත් දරුණු රෝගයක් හිස ඔසවයි - මෙන්න විස්තරේ
පසුගිය කාල සීමාවේදී චිකුන්ගුන්යා රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වූ අතර මේ වන විට චීනයේ චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
චීනය සඳහන් කරන ආකාරයට පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා චිකන්ගුන්යා ආසාදිතයන් 7000කට වඩා වාර්තා වී ඇති බවයි. ඉන් බහුතරයක්ම හමු වී ඇත්තේ දකුණු දිග චීනයේ ගුවාන් ඩොන්ග් ප්‍රාන්තයෙනි. මෙයි වඩාත් බැටකෑමට ලක්වී ඇති ෆොෂාන් නගරයෙන් පමණක් රෝගීන් 3000කට වඩා වාර්තා වී ඇත.
ප්‍රදේශයේ සියලුම රෝගීන්ට රෝහල්ගත වන ලෙස අවවාද කර තිබේ. රෝහල් ඇඳන් සියල්ලටම මදුරු දැල් පහසුකම් සපයා ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් සතියක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු හෝ ප්‍රතිකාර තවදුරටත් අවශ්‍ය නොවන බව ස්ථීර වීමෙන් අනතුරුව පමණක් රෝහලින් නිදහස් කරන බවයි.
චීනයේ සෑම තැනකම චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එහි දැක්වෙන්නේ පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා චිකන්ගුන්යා ආසාදිතයන් 7000කට වඩා වාර්තා වී ඇති බවයි.
ඉන් බහුතරයක්ම හමු වී ඇත්තේ දකුණු දිග චීනයේ ගුවාන් ඩොන්ග් ප්‍රාන්තයෙනි. වඩාත් බැටකෑමට ලක්වී ඇති ෆොෂාන් නගරයෙන් පමණක් රෝගීන් 3000කට වඩා වාර්තා වී ඇත. ප්‍රදේශයේ සියලුම රෝගීන්ට රෝහල්ගත වන ලෙස අවවාද කර තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් සතියක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු හෝ ප්‍රතිකාර තවදුරටත් අවශ්‍ය නොවන බව ස්ථීර වීමෙන් අනතුරුව පමණක් රෝහලින් නිදහස් කරන බවයි.
ඒ අනුව තත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ දිවා රෑ නොතකා වෙහෙස වී වැඩ කටයුතු කරන අතර අවට පරිසරය පිරිසිදු කර ගැනීමට අවශ්‍ය උපදෙස් මාලාවක් ජනතාවට ලබා දී තිබේ.
