ලුණුගම්වෙහෙර ජලාශයේ දී ඔරුවක් පෙරළී දෙදෙනෙකු අතුරුදන් - සෝදිසි මෙහෙයුම් අරඹයි
ලුණුගම්වෙහෙර ජලාශයේ ඔරුවක් පෙරළීයාමෙන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ මසුන් ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව පවසයි.
මේ අතර ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ එම තරුණයන් සොයා තිස්සමහාරාම නාවික කොට්ඨාසය සහ කිමිදුම් ඒකකය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.