තේ කෝප්පයෙන් ඇල්ලූ මහා මුදල් කොල්ලය..සැක කිරීමට හේතුව සියල්ලන්ම පුදුම කරවයි..!

THISSAMAHARAMA DAMBULLA KANDALAMA TEA CUP VARIYAPOLA POLICE
By Sewvandhi Nov 25, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දඹුල්ලේ ආපනශාලාවකින් කෙටි ආහාර වර්ග කිහිපයක් රැගෙන රුපියල් 200 ක බිලට රුපියල් දාහක් ලබා දී ඉතුරු සල්ලි නොගෙන ගිය පුද්ගලයකු ගැන සැක සිතුණු පොලීසිය ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 15 ක මුදල් කොල්ලයක් පිළිබදව අනාවරණය කරගැනීමට හැකි වු බව දඹුල්ල පොලීසිය පවසනවා .

දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී මොහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් ඉවත්ව සිටී බව කියන තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

වෙළඳසැලකට ගොස් කෙටි ආහාරයක් ගෙන තේ වතුර පානය කොට රුපියල් 200 ක බිල වෙනුවට රුපියල් 1000ක මුදලක් වෙළඳසැල් හිමියාට ලබාදී ඉතිරි මුදල වෙළඳසැල හිමියාට තබා ගන්නැයි කියා මොහු පිටව ගොස් තිබෙනවා අනතුරුව මොහොතේ මුර සංචාරය කරමින් සිටි පොලිස් කණ්ඩායම දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ නවතා තිබු මොහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී වාහනය තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහ තුනකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගෙන ඇත

ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයා කියා ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ කුලී පදනම මත මෝටර් රථය හා රියදුරු ලබාගත් බවයි. මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් උපයා ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේ දී විවිධ උත්තර ලබා දීමත් සමග මෝටර් රථය රියදුරු සහ මෙම පුද්ගලයා දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටියදී,

වාරියපොල පොලිසියට හදිසි ෆැක්ස් පණිවිඩයකින් ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා කඩිනම් අවධානය යොමු කොට මෙම පුද්ගලයන් දෙදෙනා වෙන වෙනම ගෙන ප්‍රශ්න කිරීමේදී වාරියපොල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා මුදල් රුපියල් ලක්ෂ පහළොවක් ලබාගෙන එම නිවසේම යතුරු යතුරුපැදියක් සොරාගෙන කුරුණෑගල නගරයට පැමිණ කුරුණෑගල නගරයේ යතුරු පැදිය නවතා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන තිස්සමහාරාමට ගමන් කරමින් සිටින බව සැකකරුගෙන් හෙළිදරව් කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW