යළි මැද පෙරදිග අළු කරමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට ප්‍රහාර - නාවික ගමනාගමනයට දැඩි සීමා

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ ඕමානය ආසන්නයේදී අද (21) මෙම සිදුවීම් වාර්තා වී ඇති බවය.

ඒ අනුව, ඕමානයේ කසාබ් වරාය නගරයට කිලෝමීටර් 20ක් පමණ උතුරින් ගමන් කළ තෙල් නෞකාවක පසුපස කොටසට හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් වැදී ඇති අතර, එම නගරයට කිලෝමීටර් 31ක් පමණ නැගෙනහිරින් ගමන් කළ තවත් නෞකාවක එන්ජින් කාමරයට ද ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම්වලින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, ප්‍රහාර දෙක වෙන වෙනම නෞකා දෙකකට එල්ල වූයේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ සීමා කළ කලාපයකදී තෙල් නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් ගිනිගෙන ඇති බව ඉරාන නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

අදාළ නෞකාව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් සිය හඳුනාගැනීමේ සහ නාවික උපකරණ ක්‍රියා විරහිත කර ගමන් කර ඇති බවට ද ඉරානය චෝදනා කරයි. කෙසේ වෙතත්, එම ප්‍රකාශය මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න

ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න

පසුගිය සතිය තුළ පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මෙවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් වන අතර, සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලුම නෞකා ඉරාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට ටෙහෙරානය අවධාරණය කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ලොකු පුටු 06කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ලොකු පුටු 06කට ස්ථාන මාරුවීම්

පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ ප්‍රහාරවලින් පසු මෙම කලාපයේ නාවික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති අතර, ඉරානයේ නාවික සීමා කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව ඉරාන වරායන්ට නාවික අවහිරතා පනවා තෙල් නෞකාවල ආරක්ෂාව සඳහා යුද නෞකා යෙදවීමට ද පියවර ගෙන ඇත.