අනිද්දා පාර්ලිමේන්තුවට එන ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙක...

Report

අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අනිද්දා ( 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසීය.

''ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත'' යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කරන බව එතුමා පැවසී ය.

මින් එක් පනත් කෙටුම්පතක් වන්නේ යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කෙරෙන“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”(Economic Transformation law) යි.

මෙවර පැරා මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ පළමු පදක්කම ඉන්දිකට...

මෙවර පැරා මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ පළමු පදක්කම ඉන්දිකට...

එමෙන්ම, අනෙකුත් කෙටුම්පත වන්නේ, “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” යි. එමඟින්, යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුව ඇති අතර ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරද ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත.

අනිද්දා පාර්ලිමේන්තුවට එන ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙක... | Two New Bills To Parliament

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ , විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම, වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජනය විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වන බවයි