නිමක් නොවන ඝාතන රැල්ලක් - පිටිගල සහ තිස්සමහාරාමයේදී පුද්ගල ඝාතන දෙකක්

Report

ප්‍රදේශ දෙකකදී සිදු වූ පුද්ගල ඝාතනවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ පිටිගල, හොරංගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි. දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර එහිදි තුවාල ලැබු සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

එමෙන්ම තිස්සමහාරාම, ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළ දී ද කාන්තාවක් ඝාතනය කර තිබේ .

ඒවගේම මෙම කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල නිරීක්ෂණය වී ඇති අතර ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ