තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙන්නෙක් බඩුත් එක්කම අත්අඩංගුවට
මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේ දී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් ලද තොරතුරක් මත අඳාළ වැටලීම සිදුකර තිබෙනවා.
හිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 48ක් සන්තකයේ තබාගෙන සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
එසේම අඳාළ සැකකරු වයස අවුරුදු 23ක් වන පල්ලියවත්ත, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර එම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීමෙන් හෙළි කරගත් තොරතුරු මත වත්තල පොලිස් වසමේ ටෝනි මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 797ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අඳාළ සැකකරු වයස අවුරුදු 28ක් වන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.