බිහිසුණු ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

Report

හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම අපරාධය 2025.04.29 වන දින අලුයම් කාලයේදී සිදුකර ඇති අතර අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) දින හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී බව වාර්තා වේ.

අඳාළ අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන දියත් කර තිබුණා.

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

ඒ අනුව ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර වාර්තා වූ ආකාරයට අඳාළ සැකකරු වයස අවුරුදු 40ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හිරණ පොලිසිය මඟින් සිදුකරයි.

සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා

සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා

පටන් ගන්නත් කළින්ම වර්ජනය අත්හිටුවයි

පටන් ගන්නත් කළින්ම වර්ජනය අත්හිටුවයි