ඉරාන යුද්ධයෙන් පසු ලෝක තෙල් වෙළඳපොළෙන් සුබ ආරංචියක් - ඉල්ලුමටත් වඩා තෙල් සැපයුම ඉහළ යයි - බොරතෙල් මිලත් ශීඝ්‍රයෙන් පහළට

By Kanchana Nov 14, 2026 05:19 AM GMT
Report

ඉරානය සමඟ ඇති වූ යුද්ධය හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා එල්ල වුවද, මේ වන විට ගෝලීය තෙල් සැපයුම ඉල්ලුමට වඩා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පවසයි. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේදී ලෝක තෙල් සැපයුම දිනකට බැරල් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයකින් ඉල්ලුම ඉක්මවා ගොස් තිබේ.

පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් අපනයනය යළි යථා තත්ත්වයට පත්වීම, ලෝකයේ තෙල් ඉල්ලුම ඉහළ යන වේගයට වඩා වැඩි වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව IEA ආයතනය පෙන්වා දෙයි. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ගෝලීය තෙල් සැපයුම ඉල්ලුම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවද එම ආයතනය සඳහන් කරයි.

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

මැද පෙරදිග ඇති වූ ගැටුම් හේතුවෙන් ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ සිදුවන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට බාධා එල්ල විය.

එම තත්ත්වය හේතුවෙන් මාස ගණනාවක් පුරා ලෝක තෙල් වෙළඳපොළට දැඩි බලපෑම් එල්ල වූ අතර, බලශක්ති මිල ගණන්ද ඉහළ ගියේය. යුද්ධය ආරම්භ වීමට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72ක් පමණ විය. එහෙත් අප්‍රේල් මාසය අවසන් වන විට එම මිල ඩොලර් 126ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේ වෙතත්, ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වී ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු මෙම සතියේදී තෙල් මිල පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අගෝස්තු මාසයේ අග භාගයෙන් පසු වාර්තා වූ අඩුම අගය වන ඩොලර් 89.66 දක්වා පහත වැටුණු අතර, සිකුරාදා වන විට එය ඩොලර් 95ක් පමණ විය.

මේ අතර, මෙම වසරේ අවසන් මාස තුන තුළ ලෝක තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 105ක් පමණ වනු ඇතැයි IEA පුරෝකථනය කර තිබේ. එය එම කාලය සඳහා අපේක්ෂිත ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7කින් වැඩි අගයකි.

තෙල් සැපයුම යළි ඉහළ යාමත් සමඟ යුද්ධය හේතුවෙන් අඩු වූ හදිසි තෙල් සංචිත යළි පිරවීමේ අවශ්‍යතාවද යම්තාක් දුරට ලිහිල් වී ඇත. ඒ අනුව, මේ වසර මුලදී පොරොන්දු වූ හදිසි තෙල් සංචිත වෙළඳපොළට මුදා හැරීමේ කටයුතු කඩිනම් කරන බවත්, පෙබරවාරි අවසානය වන විට තවත් බොරතෙල් බැරල් මිලියන 71ක් වෙළඳපොළට එක් කිරීමට සැලසුම් කර ඇති බවත් IEA ආයතනය සඳහන් කරයි.

මෙම හදිසි තෙල් සංචිත පිරිපහදු, තෙල් ගබඩා පර්යන්ත, විදුලි බලාගාර සහ උතුරු මුහුදේ මුහුදුබඩ තෙල් නිෂ්පාදන මධ්‍යස්ථානවල ගබඩා කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න