මෙරටින් තවත් අධිබලැති බෝම්බ සොයා ගැනේ..!අරමුණ කුමක්ද.?

By Sewvandhi Sep 18, 2021 12:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය කොඩිකාමම් කුඩමියන් ප්‍රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් 16 දින හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කුඩමියන් ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ පිහිටි තල්ගසක් ආසන්නයේ මෙම ක්ලේමෝ බෝම්බ සඟවා ඇති බව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී කිලෝ 10 ක් බරැති සහ කිලෝ 15 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගනු ලැබීය.

අදාල ක්ලේමෝ බෝම්බ දෙක එම ස්ථානය කිසියම් පුද්ගලයෙකු රැගෙනවිත් සඟවා යන්නට ඇති බවට සැක සහිත බවටත් ඒ පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරමා ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

----------------------------------------------------------

යුධ හමුදාපති සිදුකළ විශේෂ ප්‍රකාෂය.-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha