මත්ද්‍රව්‍ය තොගයක් එක්ක දෙන්නෙක් මාට්ටු
මත්ද්‍රව්‍ය තොගයක් එක්ක දෙන්නෙක් මාට්ටු කඩවත, පහළ බියන්වල ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින්, අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ 18කට අධික ප්‍රමණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලැබී තිබූ තොරතුරකට අනුව අදාල ස්ථානය පොලිසිය විසින් වටලා ඇත.
එම නිවසේ තිබී සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් කිලෝ 12යි ග්‍රෑම් 90ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 490ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 300ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 410ක් සොයාගෙන ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
පොලිසිය සදහන් කළේ අදාල නිවස සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි .
අත්අඩංගුවට ගෙන ඇති 29 හැවිරිදි සැකකරු සහ 32 හැවිරිදි සැකකාරිය අගුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.