පොලිස් කොස්තාපල්ට කතුරකින් ඇන දරුණු ලෙස තුවාල කළ දෙන්නෙක් අත්අඩංගුවට

Report

අංකුරගොඩ මාර්ගයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට කතුරකින් ඇන පහරදී තුවාල සිදුකළ බව කියන ලොරි රථයක රියදුරු සහ රිය සහයකයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වයසැති ධනුෂ්ක අමරසිංහ සහ මිනුවාංගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41ක් වයසැති ලක්මාල් නැමත්තෙක්.

පොලීසිය සඳහන් කළේ බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරී අසිතද සිල්වා මහතා අධිකරණ ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සමගින් පෞද්ගලික කාර් රථයකින් ගමන් කරමින් සිටියදී තලංගම වැව අංකුර ගොඩ මාර්ගයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ලොරි රථයක් පැමිණ තිබෙන බවයි.

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක්

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ඒ අනුව එම අවස්ථාවේදී අඳාළ මාර්ගය පටුවීම හේතුවෙන් රථ දෙකට එම ස්ථානයේ මාරුවීමට නොහැකිවීම නිසා දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව ඇත.

එහිදී පොලිස් කොස්තාපල්වරයාට ලොරි රථයේ රියදුරු සහ සහකයා කතුරකින් ඇන තුවාල සිදුකර ඇති බවයි පොලිසිය පවසයි.

බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

පාසල් සිසුන් දෙදනෙක් අතුරුදන් - මහවැලියට බැස්සද නැද්ද කියලත් සැකයක්

පාසල් සිසුන් දෙදනෙක් අතුරුදන් - මහවැලියට බැස්සද නැද්ද කියලත් සැකයක්