"බිම් සවිය" වැඩසටහන අවසන් වෙන්න තවත් වසර 66ක් ගතවෙයි – විගණන වාර්තාවක් අනාවරණය කරයි

Report

මෙම වැඩසටහන යටතේ සහතික නිකුත් කිරීමට දිවයින පුරා ඉඩම් කැබලි මිලියන 16ක් පවතින බවත් ඒ සඳහා රුපියල් මිලියන 60,000ක් වැයවනු ඇතැයි විගණන පරීක්ෂාවකදී නිරීක්ෂණය වූ බවත් බිම් සවිය යටතේ මේ දක්වා හිමිකම් සහතික 462,922ක් ලබාදී තිබෙන බවත්  ජාතික විගණන කාර්යාලය කියයි

ගැටලුකාරී ලෙස පැවැති ඉඩම් කැබලිවලට අදාළව ලිපිගොනු 500,739ක් පසෙක තබා ඇති බවත්  එම කාර්‍යාල නිවේදනයේ සදහන් වේ    .

1998 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහනට වසර 26ක් තුළ රුපියල් මිලියන 9,357ක් වැය කර තිබෙන බවත් 2007 වසරේ සිට 2024 දෙසැම්බර් 31 දක්වා බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන 5කට රුපියල් මිලියන 10,455.66ක් ලබාදී තිබූ   වග  කාර්‍යාලය නිවේදනය කර තිබේ.

කීරි සම්බා හිඟය මට්ටු කරන්න රටින් ගේන්නත් අපි සූදානම් - ඇමති වසන්ත කියයි

කීරි සම්බා හිඟය මට්ටු කරන්න රටින් ගේන්නත් අපි සූදානම් - ඇමති වසන්ත කියයි

ඒවගේම ඉඩම් අමාත්‍යාංශය මුදල් රෙගුලාසි ප්‍රකාරව රජයේ ප්‍රතිපාදන වෙන් කර අදාළ ආයතනවලට බෙදාහැරීම පමණක් සිදු කර තිබෙන බවත් එම ප්‍රතිපාදන ලබාගෙන වැය කළ යුතු හා වගකීම පැවරෙන ආකාරයට වැඩසටහන මෙහෙයවා නොමැති බවත් ජාතික විගණන කාර්යාලය කියයි.

බිම් සවිය වැඩසටහනට 2024 වසරේ ලබාදී තිබූ රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 619.5ක වියදම් තහවුරු කර ගැනීමට අදාළ තොරතුරු පවත්වාගෙන යෑමට හෝ විගණනයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නැතැයි ද එම වර්ෂයේදී බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කර තිබූ නමුත් එම මුදල බිම් සවිය වැඩසටහනට වැය කර නොමැති බවද තව දුරටත් මේ පිළිබද තොරතුරු දක්වමින් ජාතික විගණන කාර්යාලය පවසයි.

ලෝකයේ හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලංකාවෙන් - අගමැතිනි හැරිණි

ලෝකයේ හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලංකාවෙන් - අගමැතිනි හැරිණි

ඉඩම් අමාත්‍යාංශය පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් නිවැරදිව හඳුනා ගැනීමකින් තොරව අමාත්‍යවරයාගේ වියදම්, බිම් සවිය වැඩසටහනට අදාළ වියදම් හා ඉඩම් අත්පත් කර ගැනීමේ වියදම් නිවැරදිව පුරෝකථනය කර නොතිබූ බවද ඉඩම් අමාත්‍යාංශයේ 2024 කාර්ය සාධන වාර්තාවේ පුනරාවර්තන, ප්‍රාග්ධන හා බිම් සවිය, ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් පිළිවෙළින් රුපියල් මිලියන 15ක්, රුපියල් මිලියන 1,000ක් හා රුපියල් මිලියන 9,000ක් වශයෙන් ප්‍රතිපාදන වෙන් වී ඇතත් පිළිවෙළින් රුපියල් මිලියන 2.23ක්, රුපියල් මිලියන 380.44ක් හා රුපියල් මිලියන 6,320ක් වශයෙන් ප්‍රතිපාදන ඉතිරි වී තිබූ බවද විගණන කාර්යාලය ප්‍රකාශ කර තිබේ.  

මේ හේතු කාරණා නිසා "බිම් සවිය" වැඩසටහන අවසන් වෙන්න තවත් වසර 66ක් ගතවෙන බව මෙමගින් අනාවරණය කර ඇත.