උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

Report

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද ප්‍රහාරය සඳහා ඔත්තු බැලීමට යොදා ගත් වෑන් රථයක් ද ඒ සමග පොලිස් භාරයට ගෙන ඇත.

ඒ වගේම විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ සැකකරුවන් දෙදෙනා දෙහිබාලේමල්ලී නමැත්තා මෙහෙයවන පාතාල කල්ලියට සම්බන්ධ බවයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ක්‍රියාවලිය තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකර තිබේ .

නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ මෙහෙය වීමෙන් උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය ඝාතනය කර ඇති අතර ඊට දෙහිබාලේමල්ලීගේ පාතාල කල්ලියේද සහාය ලැබී ඇති බවයි.

තවද කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වන මිරන්ත වරුෂවිතාන මරා දැමීමට සහාය වූ බවට උණාකූරුවේ ශාන්තට චෝදනා එල්ල වී තිබුණි .

ඔහුගෙන් පළිගැනීම සඳහා ඔහුගේ මාමා සහ නැන්දණිය මරා දමා ඇති බව සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශන වලදී හෙළිව තිබේ .

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට