දිවියකු මරා, උගේ දත් අලෙවි කිරීමට සූදානම් වූ දෙදෙනෙක් මාට්ටු

Report

මුලතිව් රක්ෂිතය තුළදී දිවියකු මරා, උගේ දත් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.

මියගිය වන සතුන්ගේ ශරීර කොටස් අලෙවි කරන ජාවාරම්කරුවෙකු පිළිබඳව පොලිසියට ලැබුණු රහස් තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ දිවි දත් හතරක් සොයා ගැනීමට හැකි වී තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, සත්ව කොටස් ජාවාරමේ නිරත පුද්ගලයෙකු විසින් රක්ෂිතය තුළදී මෙම දිවියා මරා දත් සහ නිය ලබාගෙන ඇති බවයි.

දිවියාගේ සෙසු ශරීර කොටස් අදාළ පුද්ගලයා විසින් රක්ෂිතය තුළම වළදමා ඇති බව ද සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.

මෙන්න මේ දීමනාව ලබා දෙන ක්‍රම වේදයේ වෙනසක්

මෙන්න මේ දීමනාව ලබා දෙන ක්‍රම වේදයේ වෙනසක්

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සහ වළදමා ඇති සත්ව සිරුර සොයා ගැනීමට පුදුකුඩිරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.