"ඒක පැහැදිලි මිනීමැරුමක්" - කපිල චන්ද්‍රසේනගේ නඩුවේදී පොලිසිය අල්ලපු අය වෙනස්? රටම හොල්ලන ඇත්ත මෙන්න
කපිල චන්ද්‍රසේනට ඇප තැබූ පුද්ගලයන් යැයි සඳහන් කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු බව හෙළිවී ඇතැයි මාධ්‍යවේදී කීර්ති රත්නායකේ ප්‍රකාශ කරයි.
පසුගියදා (19) මහේස්ත්‍රාත් අධිකරණයේදී කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණය සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ බවද ඔහු සඳහන් කර ඇත.
කපිල චන්ද්‍රසේනට සම්බන්ධ නොවන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් 15,000 බැගින් ලබාගෙන ඇප තැබීම සිදු කළ බවට චෝදනා කරමින් කොළඹ සාංචි වත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහෙත් ඇප තැබීම සඳහා අත්සන් කර ඇති බව කියන පුද්ගලයන් ලෙස අරවින්ද ද සිල්වාගේ ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරීන් වන රොහාන් චමිල් අමරදාස සහ පෙරුමාල් ගණේෂ් යන අයගේ නම්ද සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඇප තැබීමට නුසුදුසු පුද්ගලයන් යොදාගැනීම සම්බන්ධයෙන් නැවත අත්අඩංගුවට ගැනීමේ සැලසුම් ඇති බවට එල්ල වන චෝදනා කුමන්ත්‍රණයක් බවත්, එය මිනී මැරුමක් දක්වා ගැඹුරු සිද්ධියක් බවත් කීර්ති රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කරයි.