ලීසිං සහ වාහන ණය ගන්න ඉන්න අයට මහ බැංකුවෙන් හෙට සිට තද නීති
මෝටර් රථ සඳහා ලබාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක උපරිම Loan-to-Value (LTV) අනුපාත තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ මෙම නව සංශෝධන හෙට (මැයි 25) සිට ක්‍රියාත්මක වන බවයි.
මෙම පියවර මගින් වාහන ආනයනය සහ ණය පදනම් කරගත් වාහන මිලදී ගැනීම් සම්බන්ධ මූල්‍ය පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.




