''ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සැලසුම පිටුපස කවුද?'' - TVK ප්‍රධානියෙකුත් දැලේ

By Malith Madushan Oct 17, 2026 03:36 AM GMT
Report

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන තමිල්නාඩුවේ තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, සැකකරුවන් සතුව තිබී මෙතම්ෆෙටමින් (Methamphetamine) නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වන්නේ, දකුණු ඉන්දීය නළු ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයේ නාගපට්ටිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු වන 42 හැවිරිදි එන්. භූපාලන් නමැත්තාය.

ඔහු සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නාගපට්ටිනම් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මුහුදේ පාවෙන අයිෆෝන් සහ මිල අධික සුවඳ විලවුන් - හෝමූස් සමුද්‍ර සන්ධියේ අමුතු දසුනක්

මුහුදේ පාවෙන අයිෆෝන් සහ මිල අධික සුවඳ විලවුන් - හෝමූස් සමුද්‍ර සන්ධියේ අමුතු දසුනක්

ඒ අනුව, ඊයේ උදෑසන 6.00ට පමණ ආරක්ෂක නිලධාරීන් පළමුව එක් සැකකරුවෙකුගේ නිවසක් පරීක්ෂා කර ඇත. එහිදී අනාවරණය වූ තොරතුරු අනුව, ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති භූපාලන්ගේ නිවසද තවත් නිලධාරී කණ්ඩායමක් විසින් සෝදිසි කර තිබේ.

භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලාංකික කාන්තාවක වීම මෙම ජාවාරමට පහසුකම් සලසා දෙන්නට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

චෙන්නායි සිට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීම සඳහා රඳවාගෙන සිට ඇති බවටද මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

වැටලීම් සහ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා නාගපට්ටිනම් රේගු කාර්යාලය වෙත භාරදී ඇත.

මේ අතර, භූපාලන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට එල්ල වන චෝදනා සහ පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම සැලකිල්ලට ගනිමින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සියලු තනතුරු වහාම අහෝසි කළ බව TVK නාගපට්ටිනම් දිස්ත්‍රික් ලේකම් එම්. සුගුමරන් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ටොන් එකත් ඉක්මවූ යෝධ වට්ටක්කයක් - UK ගොවියා ලොවම පුදුම කරයි

ටොන් එකත් ඉක්මවූ යෝධ වට්ටක්කයක් - UK ගොවියා ලොවම පුදුම කරයි