ඥානසාර හිමි වෙනුවෙන් භික්ෂූන් පිරිසක් සත්‍යග්‍රහයක - විහාර මහාදේවී උද්‍යානයේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන මෙන් ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ(16) පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුණු බව සඳහන්.

එහිදී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර ගන්නා තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බව සඳහන් කළ බව වාර්තා වේ.

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

ඊයේ (16) දහවල් වනතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදි සිටි භික්ෂූන් වහන්සේ පිරිස ඉන් අනතුරුව බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපිටට වැඩම කර තිබුණා.

එම අවස්ථාවේදී එම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවක අසාර්ථක වු බව කියමින් විහාරමහා දේවි උද්‍යානය වෙත වැඩම කිරිමට භික්ෂූන් වහන්සේ පියවර ගත්තා.

ඉකුත් 10 වන දින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ මහනුවර දළදා මාලිගය පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර ඊයේ(16) දින කොළඹට ලඟා විය.

අද ලග්න රැසකටම සුබම සුබ වෙයි - 2026-10-17 දිනයේ ලග්න පලාපල විස්තරේ මෙන්න

අද ලග්න රැසකටම සුබම සුබ වෙයි - 2026-10-17 දිනයේ ලග්න පලාපල විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්