අවසන් මොහොත දක්වා තියුණු සටනක් - UAE පරදා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ජයගනී

By Malith Madushan Oct 17, 2026 03:58 AM GMT
Report

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ ආරම්භක තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 21-17කින් පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් විය.

ආසියානු රග්බි එමිරේට්ස් සෙවන්ස් තරගාවලියේ 'ඒ' කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්විණි.

තරගයේ අවසන් මොහොත දක්වා පැවති තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය හිමිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද සහ හෙට (18) දෙදින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

තියුණු සටනකින් බංග්ලාදේශය පරදා තුන්කොන් කිරුළ ශ්‍රී ලංකාවට ගෙනා යොවුන් ක්‍රීඩිකාවෝ

තියුණු සටනකින් බංග්ලාදේශය පරදා තුන්කොන් කිරුළ ශ්‍රී ලංකාවට ගෙනා යොවුන් ක්‍රීඩිකාවෝ

පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම පැවැත්වෙන තරගාවලියට ආසියාවේ ප්‍රබල රග්බි කණ්ඩායම් රැසක් එක්ව සිටිති.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තවත් තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

ඒ අනුව, ශ්‍රී ලංකාව පස්වරු 12.24ට හොංකොං කණ්ඩායමට එරෙහිවද, පස්වරු 4.04ට ඉන්දීය කණ්ඩායමට එරෙහිවද තරග වදිනු ඇත.

මීට පෙර වසරවලදී කණ්ඩායම් අට බැගින් සහභාගී වූ මෙම තරගාවලියට මෙවර පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම කණ්ඩායම් 12 බැගින් එක්ව සිටීමද විශේෂත්වයකි.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි