කැම්පස් සිසුන්ට නොමිලේ කණ්ණාඩි දෙන ජනාධිපති අරමුදලේ පළමු අදියර අද රජරටදී

Report

ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම අද (17) සිදු කිරීමට නියමිතව තිබේ.

ඇස් කණ්ණාඩි අවශ්‍ය සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරාගෙන තිබේ. ඒ අනුව, එම විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිදු කර ඇත.

මෙම වැඩසටහනේ දෙවැනි අදියර ඔක්තෝබර් 10 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

බ්‍රිතාන්‍යයේ Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, අක්ෂි පරීක්ෂණවලට ලක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකුට ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිතය.

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සාම්ප්‍රදායික වාහන අංක වෙනුවට පුද්ගලික නම් සහ ව්‍යාපාර නාම සහිත අංක තහඩු හඳුන්වාදීමට රජයේ අවධානය

සාම්ප්‍රදායික වාහන අංක වෙනුවට පුද්ගලික නම් සහ ව්‍යාපාර නාම සහිත අංක තහඩු හඳුන්වාදීමට රජයේ අවධානය