මුළු රටම කම්පාවට පත් කරමින් මියගිය කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ඊයේ දින ජීවිතක්ෂයට පත්ව තිබේ අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණි.
ඔහු කියා සිටියේ හස්තියාට වෙඩිතැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවයි. හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි වැදීමකින් සිදු වූ බවට සැක කෙරෙන තුවාලයක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා ප්රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස හස්තියා ඊයේ රාත්රියේ මියගොස් තිබේ.
මේ අතර, කාවන්තිස්ස හස්තියාට ප්රතිකාර කිරීම සඳහා අවශ්ය වුවහොත් විදේශීය පශු වෛද්ය කණ්ඩායමක සහාය ලබා ගැනීමට සූදානම් බව පරිසර අමාත්යාංශය ඊයේ ප්රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, හස්තියාට නිසි ප්රතිකාර ලබා දී නොමැති බවට පරිසරවේදීහු චෝදනා කරති. කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්රකාශ කළේය.
එමෙන්ම, හස්තියාට වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා ද විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.