යළිත් මේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි - දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා වීමෙන් මගීන්ට දැනුවත් කිරීමක්
කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පොල්ගහවෙල සිට ගම්පොළ දක්වා සහ ගම්පොළ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන බව වාර්තා වේ.
ඒ අනුව පොල්ගහවෙළ සිට ගම්පොළ බලා ධාවනය වන දුම්රිය හා ගම්පොළ හා කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් ගමන් ආරම්භ කිරීම ප්රමාදවනු ඇති බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මෙම පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම ස්ථානයේ විශාල වශයෙන් පස් ඉවත් කිරීමක් සිදුකළද තවමත් දුම්රිය මාර්ගයට වැටි ඇති පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව සඳහන්.