හෙට (28) බස් ධාවනය කරනවද..? තීරණය මෙන්න..

Sri Lanka Sri Lanka Bus Strike
By Sewvandhi Apr 27, 2022 01:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය සේවක වෘත්තීය සමිති හෙට දිනයේ ක්‍රියාත්මක කරන වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම සේවා වලින් ඉවත් වන බව සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංගම වෘත්තිය සමිති හතෙන් තුනක් මෙම වර්ජනයට සහාය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.

කිසිදු ගැටලුවකින් තොරව බස් රථ ධාවනයට පියවර ගන්නා බව මේ පිලිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාණ්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා පැවසීය.

මේ අතර පෞද්ගලක බස් රථ මෙම වර්ජනයට සහාය ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 

 කෙසේවෙතත් තම අභිමතය පරිදි බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බස් රථ හිමියන්ට හැකි බවද ඔහු තවදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now