සුනාමිය ගැන කලින්ම දැනගන්න ඔබත් කැමතිද..? එහෙනම් මෙන්න ඇප් එක..

Tsunami
By Sewvandhi Dec 25, 2023 04:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ පවසන්නේ, හෙට (26) දිනට වසර 19ක් පිරෙන මෙරට ඇතිවූ සුනාමිය වෙනුවෙන් ජාතික වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.

එම සැමරුමට සමගාමීව සියලුම දුරකථන සමාගම් එක්ව දිස්ත්‍රික්ක 14ක ජනතාව වෙනුවෙන් මෙම විශේෂිත වැඩපිළිවෙල හඳුන්වා දෙන බව සඳහන්.

සුනාමිය ගැන කලින්ම දැනගන්න ඔබත් කැමතිද..? එහෙනම් මෙන්න ඇප් එක.. | Tsunami App

ඒ අනුව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, හෙට (26) දිනයේ සිට මෙම දුරකථන ඇප්ලිකේෂනය (APP) දුරකථනවලට භාගත කිරීමේ අවස්ථාව ලබාදෙන බවයි.

මේ වනවිටත් භාගත කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඊට පෙරහුරුවක් ලෙස හෙට (26) දින පෙරවරු 10.00ත් 10.30ත් අතර කාලය තුළ අදාළ අනතුරු ඇඟවීමේ නාදමාලාව නිකුත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටිනවා.

ReeCha