වියදම් වැඩි.. ට්‍රම්ප් විදේශීය තානාපති කාර්යාල 30ක් පමණ වසා දැමීමට සැලසුම් කරයි

By Shehan Apr 17, 2025 05:06 AM GMT
Report

රටවල් 30ක තානාපති හා කොන්සල් කාර්යාල වසා දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

අනවශ්‍ය රජයේ වියදම් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පැවසේ.

වසා දැමෙන තානාපති කාර්යාල 10ක් සහ කොන්සල් කාර්යාල 17ක් ඇතුළත්ය.

ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)

ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)

යුරෝපය, අප්‍රිකාව, ආසියාව ඇතුළු කලාපවල තානාපති කාර්යාල ද මෙයට ඇතුළත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සෝමාලියාව, ඉරාකය, මෝල්ටාව, ලක්සම්බර්ග්, කොංගෝ, දකුණු සුඩානය ඇතුළු රටවල් මෙම ලැයිස්තුවේ ඇත.

මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

ප්‍රංශයේ ඇමරිකානු තානාපති කාර්යාල 5ක්, ජර්මනියේ සහ බොස්නියාවේ කාර්යාල 2ක්, බ්‍රිතාන්‍යයේ කාර්යාල 1ක් වසා දැමීමට තීරණය කර ඇත.

වසා දැමෙන කාර්යාලවල කටයුතු අසල්වැසි රටවල ඇමරිකානු තානාපති කාර්යාල හරහා අඛණ්ඩව සිදුවන බව වාර්තා වේ.