ට්‍රම්ප් - මස්ක් මත ගැටුම් උත්සන්න වෙයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පරිපාලනයෙන් ඉවත්වන ලෙස එලොන් මස්ක්ගෙන් ඉල්ලීමත් සමග ඔවුන්ගේ ආරවුල් නිසා රජයේ අරමුදල් බිලියන ගණනකට පාඩු සිදු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, එරට අයවැයෙන් ඩොලර් බිලියන ගණනින් මුදල් ඉතිරි කර ගැනීමට ඇති පහසුම ක්‍රමය නම් මස්ක්ට ලබා දෙන රජයේ සහනාධාර සහ කොන්ත්‍රාත්තු අවසන් කිරීම බවයි.
ඔහු සඳහන් කර ඇත්තේ එසේම හිටපු ජනපති ජෝ බයිඩන් එසේ නොකිරීම පිළිබඳව තමන් පුදුම වන බවයි.
මෙම ගැටුම් තීව්‍ර වී ඇත්තේ මස්ක්ගේ විදුලි වාහන කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමත් සමගයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තමාගේ සහාය නොමැතිව 2024 එක්සත් ජනපද මැතිවරණයෙන් ජනපති ට්‍රම්ප් පරාජය වීමට ඉඩ තිබූ බව මස්ක් පවසා ඇති අතර, රටට නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇති බවට ද යෝජනා කර ඇති බවයි.
එක්සත් ජනපදයේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ තිබේදැයි මස්ක් ඔහුගේ මිලියන 220කට අධික සමාජ මාධ්‍ය ජාලා අනුගාමිකයින්ගෙන් විමසමින් මත විමසුමක් පළ කර ඇති අතර, එම මත විමසුම අවසන් වීමට පැය 23ක් තිබියදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 83කට වඩා සඳහන් කර ඇත්තේ ඒ සඳහා කාලය එළඹ ඇති බවයි.
